වර්ෂ 1952 දී අප පාසල වෙනත් ප්‍රදේශයක චාලි ගමගේ මහතා විසින් ආරමිභ කරන ලදි.එතුමන් සමග ඔහුගේ බිරිඳ හා තවත් ගුරුවරු 4 දෙනෙක් සිසු දරුවන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන්ම ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත.
පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස ඩිංගි බණ්ඩා සිසුවා පාසලට බදවාගෙන ඇති අතර ඉතා ඉක්මනින් සිසුන් පාසලට එක් වූ බැවින් 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා සිසුන් 100කට අධික පිරිසක් බඳවාගෙන ඇත.1953 පාසල රජයට පවරා ගැනීමත් සමග භෞතික අතින් පාසල තව තවත් සංවර්ධනය වූහ.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමන්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පිහිටවූ පාසලක් වන අතර ග්‍රාමීය විවිධ දක්ෂතාවලින් පිරිපුන් සිසුන් අප පාසලට එකතු වූ අතර අධ්‍යාපනයේ ද කැපී පෙනෙන වර්ධනයක් එම යුගයෙන් පසුව ඇති විය.
වර්ෂ 1990 න් පසු විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක් පාසලට එකතු විය.
විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් අංශ සඳහා ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 9කිිින් සමන්විතය.371 පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "අභිමානවත් පුරවැසියන් බිහිකරන විශිෂ්ට පාසලක් වීම යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි.
|
ආරම්භ කළ වර්ෂය |
1952 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
05 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
100 |
|
මුල් ගුරුතුමාගේ නම |
චාලි ගමගේ |
|
පාසලේ ආදි කතෘගේ නම |
ගුණරත්න |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
U-ගොඩනැගිලි 1 |
|
පාසලේ නම |
අමි/විජයපුර මහ විදුහල |
|
පාසල භාරව කටයුතු කිරීම |
---- |
|
පාසල රජයට පවරාගත් දිනය |
1953 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
අමිපාර.village hall |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඩිංගි බණ්ඩා මහතා |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
---- |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1952 |